May, 31, 2019
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු රාශියක් සිදුකොට ඇති බවත්, එම තොරතුරුවල පවතින රහසිගතභාවය හේතුවෙන් ඒ පිළිබඳ වැඩිවිස්තර අනාවරණය කිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. අද (31) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.
“මූල්‍ය බුද්ධි ඒකකය තොරතුරු රැස්කරන අවස්ථාවේ දී ක්‍රම දෙකකට එය නිරීක්ෂණය වෙනවා. එකක් තමයි එම තොරතුරුවල වටිනාකම රුපියල් මිලියනයකට වඩා වැඩිනම් ඒ අවස්ථාවේ දී ඒ සෑම ගනුදෙනුවක්ම මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා වෙනවා. ඊට පස්සේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් කරන්නේ ඒ තොරතුරු විශ්ලේෂණය කරලා එම වාර්තා සැකසහිත බවට හැඟෙනවා නම්, ඒ තොරතුරු නීති අංශවලට දැනුම් දෙනවා.“
“ඊට අමතරව වරින් වර ලැබෙනවා සැකකටයුතු ගනුදෙනු වාර්තා. මේ දෙවර්ගයේම වාර්තා ලැබිලා තියෙනවා. ඒවා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට යවලා තියෙනවා.“
“නමුත් සමහර වෙලාවට ඒ ලැබෙන වාර්තාවලින්ම කියන්න බැහැ, ඒ ලැබෙන මුදල් නෛතික මාර්ගයකින් ලැබුණේ නැහැ කියලා. බොහෝ වෙලාවට බෑන්කින් චැනල් එකෙන් ලැබෙනවා. ඒ නිසා සමහර වෙලාවට අපහසුතාවයක් තියෙන්න පුළුවන්, මේ ලැබෙන මුදල් නියමිත පරිදි ලැබෙන නිසා, ඒවාත් ත්‍රස්තවාදී කටයුත්තකට ලැබෙනවාද කියලා, එහෙම නැත්නම් ඒ මූලාශ්‍රය, වැරදි මූලාශ්‍රයකින් ලැබනෙවාද කියලා කියන්න බැහැ. එතන දී යම්කිසි අපහසුතාවයක් තියෙන්න පුළුවන්.
Video Story