රුපියල් මිලියන 3,699 ක කොට්ටාව නිවාස ව්‍යාපෘතියෙන් සතුට සතුටු වෙයි

    September, 13, 2017

    කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ කොට්ටාව, කුලසෙවන වත්ත ප්‍රදේශයේ වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 300 ක් ඉදි කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ ඇති අතර ලංසු කරුවන් 04 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    එම යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,699ක මුදලකට, සතුට බිල්ඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.