රුපියල් මිලියන 80,000 ක බැඳුම්කර වෙන්දේසියක් හෙට

    March, 27, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් හෙට (28) දිනයේ දී කැඳවා ඇත.

    මෙහිදී 2023 වසරේ කල්පිරෙන රුපියල් මිලියන 50,000 ක බැඳුම්කර සහ 2028 වසරේ කල්පිරෙන පරිදි රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    පහත දැක්වෙන්නේ අදාළ නිකුතුව පිළිබඳ විස්තරාත්මක සාරාංශයකි.