March, 28, 2018
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,500/- ක මුහුණත වටිනාකමකින් යුතු කාසියක් නිකුත් කර ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයන් හි පුවතක් සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය පිරික්සීමේ දී මේ පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගත හැකි වනු ඇත.
මෙය බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම සඳහා නිකුත් කරනු ලැබූ කාසියකි.

මෙම කාසිය ‘හිමාකාර‘ ලක්ෂණ සහිතව රිදී ලෝහයෙන් ටංකනය කර ඇත. ටංකනය කර ඇති මුළු කාසි සංඛ්‍යාව 20,000 කි. ටංකනය කර ඇති කාසි ප්‍රමාණය සීමිත සංඛ්‍යාවක් බැවින් සාමාන්‍ය සංසරණයේ දී මෙය බොහෝ දුරට හමුවන්නේ නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ අවස්ථාවන් සමරනු පිණිස සමරු කාසි හෝ නෝට්ටු නිකුත් කරනු ලැබේ. මුල්වරට මහ බැංකුව මෙවැනි කාසියක් නිකුත් කරන ලද්දේ 1957 වසරේ දී, වර්ෂ 2500 බුද්ධ ජයන්තිය සමරනු පිණිසය. රිදී ලෝහයෙන් නිපදවා ඇති රුපියල් 5 ක මුහුණත වටිනාකමකින් යුතු කාසි පන්ලක්ෂයක් එවර ටංකනය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර විවිධ අවස්ථා සමරනු වස් නිකුත් කර ඇති සමරු කාසි හා නොට්ටු පිළිබඳ සටහනක් පහත දැක්වේ.

Video Story