October, 9, 2018
2018 වසරේ ඔක්තෝබර් 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 10.2 කින් අවප්‍රමාණය වී තිබේ.
තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය.
ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජනපද ඩොලරයෙහි ශක්තිමත් වීම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි වැඩිවශයෙන් බලපෑ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවක පෙන්වා දේ.

Video Story