රුපියලේ දැන් තත්ත්වය

    September, 7, 2022

    2022 වසරේ මැයි මස මැද දී දෛනික විචලන පරාසය හඳුන්වා දීමෙන් පසුව, සමස්තයක් ලෙස 2022 වසරේ ජූලි මාසයේ දී විනිමය අනුපාතිකය අඛණ්ඩව ස්ථාවරව පැවතුණි.

    ඒ අනුව 2022 වසරේ සැප්තැම්බර් මස 06 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.5ක අවප්‍රමාණයක් වාර්තා කළ ද, 2022 වසරේ මැයි මස 13 සිට මේ දක්වා, එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇත.

    මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් 2022 වසරේ සැප්තැම්බර් 06වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඕස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.