August, 2, 2022
2022 වසරේ මැයි මාසයේ දී දෛනික අවසරලත් විචලන කලාපය හඳුන්වා දීමෙන් පසුව, 2022 වසරේ ජූනි මාසය පුරාවටම වෙළෙඳපොළ තුළ ස්ථාවර විනිමය අනුපාතිකයක් පැවතුණි.
ඒ අනුව, 2022 වසරේ මැයි 13 සිට මේ දක්වා, ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 44.4ක අවප්‍රමාණයක් වාර්තා කර ඇත.
මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ ජූලි 29 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරයට සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව අවප්‍රමාණය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Video Story