January, 31, 2019
එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද (31) දිනයේ දී යළිත් වරක් වාර්තාගත පහළ ගියේය.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 177.4187 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 181.2816 ක් ලෙසින් සටහන් විය.
පසුගිය දෙසැම්බර් 12 වනදායින් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම විකුණුම් මිල මේ අනුව අද දින වාර්තා වී තිබේ. දෙසැම්බර් 12 දින ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රු. 181.0613 ක් ලෙසිනි.
මේ අතර මහ බැංකු විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ එතැන් අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) 2018 දෙසැම්බර් 18 වනදායින් පසුව මුල්වරට අද (31) දින රු. 180 න් පහළට පැමිණ තිබේ. අද දින ඩොලරයක නිරූපිත එතැන් අනුපාතිකය සටහන් වූයේ රු. 179.8821 ක් වශයෙනි.
Video Story