රුපියල සහ 5 කාසිය වෙනස් වෙයි

    March, 13, 2017

    පිත්තල ආලේපිත වානේ (රන්වන් පැහැති) මිශ්‍ර ලෝයවලින් සැදුම්ලත් රුපියල සහ රුපියල් 5 කාසි, මල නොබැඳෙන වානේ (රිදී පැහැති) මිශ්‍ර ලෝහයට වෙනස් කර නව කාසි ද්විත්වයක් සංසරණයට නිකුත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටී.

    රුපියල් 5 කාසියේ දාරයේ පැවති අක්ෂර, මල නොබැඳෙන වානේවලින් සැදුම්ලත් නව කාසියෙන් ඉවත් කර ඇත.

    2005 වර්ෂයේ සිය නිකුත් කරනු ලැබූ රුපියල සහ රුපියල් 5 කාසිවල පැවති පරිමාණ සහ මෝස්තර ඇතුළු අනෙකුත් සියලූම ලක්ෂණ නව කාසිවල එලෙසම පවතී.