රුපියල බාල්දු වූ හැටි

    November, 30, 2018

    2018 නොවැම්බර් මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.1 කින් අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂවද අවප්‍රමාණය විය.

    2018 වසරේ පළමු මාස අට තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.3 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය.

    සමස්තයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ගෙවීම් වාර්තා වීම සහ ආනයන ගෙනීම් වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පැවති ඉල්ලුම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි වැඩිවශයෙන් බලපෑවේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.