රුපියල මත පීඩනයක් ඇතිවී තිබෙනවාද ?

    February, 25, 2015

    රුපියල මත කිසිදු පීඩනයක් ඇතිවී නැති බවත් ඇතමුන් එවැනි පීඩනයක් ඇතැයි හුවා දැක්වීමට උත්සාහ ගනිමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.

    මුදල් අමාත්‍යවරයා අද උදෑසන මුදල් අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන්ට මේ බව පැවසීය.

    කෙසේවෙතත්, නව රජයේ අතුරු අයවැය මගින් බදු අඩුකරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හමුවේ රුපියල කෙරෙහි පීඩනයක් ඇතිවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් අනතුරු හඟවා තිබේ.

    මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 1.4 කින් පමණ අව ප්‍රමාණය වී තිබීමද කැපී පෙනෙන අතර මහ බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරියේ වෙනස් නොකිරීමට කටයුතු කර ඇත.