April, 6, 2018
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2018 අප්‍රේල් 04 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී 1.7% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල වැඩිම අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇත්තේ ජපාන යෙන් මුදල් ඒකකයට එරෙහිවය. එය 7.1% ක අවප්‍රමාණයකි.
මේ අතර ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 6.2% කින් ද, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 4.4% කින් ද 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල් අවප්‍රමාණය වී තිබේ.
2018 අප්‍රේල් 03 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව එක්සත් ජනපද ඩොලර් මිලියන 403.5 ක් ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇත. 2017 වසරේ දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 1,664 ක් වශයෙන් වාර්තා විය.
2018 පෙබරවාරි මාසය අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.9 ක දළ නිල සංචිත ප්‍රමාණයකට ශ්‍රී ලංකා මහ බැංකුව හිමිකම් කියනු ලබන අතර එය මාස 4.4 ක ආනයන සඳහා ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Video Story