රුපියල 3%කින් ශක්තිමත් වෙයි

    August, 21, 2019

    2019 වසර ආරම්භයේ සිට අගෝස්තු 20 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3%කින් අධිප්‍රමාණය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

    මෙහිදී ලොව ප්‍රධානතම විනිමය හා සැසඳීමේ දී මෙම කාලපරිච්ඡේදය තුළ දී ජපන් යෙන්වලට සාපේක්ෂව පමණක් 0.6%ක අවප්‍රමාණය වීමක් ශ්‍රී ලංකා රුපියල වාර්තා කර තිබෙන අතර සෙසු සියලු විදෙස් විනිමය හමුවේ අධිප්‍රමාණයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

    ඒ අනුව යූරෝවලට සාපේක්ෂව 6.3%කින්, බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 7.7%කින්, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 7.2%කින් හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව 5.3%කින්, 2019 අගෝස්තු 20 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් අධිප්‍රමාණය වී තිබේ.