July, 2, 2020
වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව - ඉංගිරිය - රත්නපුර - පැල්මඬුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා කර ඇත.
එම ව්‍යාපෘතිය විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් එය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් රටට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී ගොස් ඇති බව රජය පවසයි.
ඒ අනුව දේශීය බැංකු මඟින් සලසා ගනු ලබන අරමුදල් භාවිත කරමින් දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවය ලබාගනිමින් එකී අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story