රු. බිලියන 12.5 ක ආයෝජනයකින් දම්රෝ Marino Mall විවෘත වෙයි

    July, 31, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන දම්රෝ හි නවතම Marino Mall සුපිරි සාප්පු සංකීර්ණය ඊයේ (30) කොල්ලුපිටියේ දී විවෘත කෙරිණි. මේ සඳහා දම්රෝ සමූහයේ නියෝජ්‍ය සභාපති ලහිරු රාමනායක, සැම්සුන්ග් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ Hanbae Park සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ජොනතන් අලස් මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වී සිටියහ.

    කොළඹ 03 කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර පිහිටා ඇති Marino Mall වෙත ගාලු පාර හා මුහුදු බඩ මැරීන් ඩ්‍රයිව් යන මාර්ග දෙකෙන්ම ප්‍රවේශ වීමට හැකියාව ඇති වීම විශේෂත්වයයි. මෙම සාප්පු සංකීර්ණයේ සම්පූර්ණ වපසරිය වර්ග අඩි 150,000 කි. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජික මුළු මුදල රුපියල් බිලියන 12.5 කි.

    9D  cinema, virtual reality gaming, climbing wall යනා දී අත්දැකීම් ගණනාවක් ලබා ගත හැකි මෙම සුපිරි සාප්පු සංකීර්ණය පිළිබඳ දම්රෝ Marino Mall කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න කොඩිප්පිලි මහතා අද දෙරණ වෙත මෙසේ අදහස් දැක්වීය.

    “දම්රෝ ව්‍යාපාර සමූහයට අයිති අලුත්ම ව්‍යාපාරය මෙයයි. මෙය shop, dine and thrill කියන සංකල්පය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. මේ යටතේ සියලුම ඉලෙක්ට්‍රොනික්, ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ, නිමි ඇඳුම්, ආපනශාලා, ළමයින් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරපු ක්‍රීඩාංගණයක් යනා දී සියලුම දේවල් තිබෙනවා. “

    මීට සමගාමීව ඉදිවුණු තරු පංතියේ කාමර 300 කින් සමන්විත Marino Beach Colombo තරු පහේ හෝටල් සංකීරණය ද නුදුරේ දීම විවෘත වීමට නියමිතය.