රු. බිලියන 2.8 ක මාර්ග වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුවක් MAGA ට

    September, 12, 2018

    බදුල්ල - චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 03 ක් යටතේ‍්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් සලසනු ලබන අරමුදල් සහාය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

    එහි තුන්වන අදියර වශයෙන් බදුල්ල - චෙන්කලාඩි මාර්ගයේ කිලෝමීටර 249.8 සිට 277.55 දක්වා වන ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,837.43 ත බදු රහිත මුදලකට මාගා ඉංජිනියරින් (පුද්) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.