රු. බිලියන 30 ක විදෙස් ආයෝජන මාසයක දී ඉවතට

    January, 22, 2019

    2018 දෙසැම්බර් 19 දින සිට 2019 ජනවාරි 16 දින දක්වා කාල පරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 30,990 ක විදෙස් ආයෝජන, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවකට අනුව 2019 ජනවාරි 16 දිනට පවතින රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් මිලයන 145,450 ක් ලෙසින් සටහන් වන අතර මෙය 2018 දෙසැම්බර් 19 දින වන විට පැවතියේ රුපියල් මිලියන 175,440 ක් වශයෙනි.

    මේ අතර 2019 ජනවාරි 16 න් අවසන් සතියක කාලපරිච්ඡේදයක් තුළ දී රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් මිලියන 154,202 සිට රුපියල් මිලියන 145,450 ක් දක්වා රුපියල් මිලියන 8,752 කින් පහළ ගොස් තිබේ.