අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබන බැලූන් විස්තාරණ කැතීටර් වර්ග 40ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය, M/s Ceegeez Associates ආයතනය වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 207.74ක මුදලකට පිරිනැමීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.