රු. මිලියන 4,000 ක ආයෝජනයකින් රත්නපුර ශික්ෂණ රෝහලට මහාචාර්ය ඒකකයක්

    June, 27, 2019

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ස්ථාපිත වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රත්නපුර පළාත් මහරෝහල 2018 වර්ෂයේදී, ශික්ෂණ රෝහලක් ලෙස උසස් කරන ලද අතර එම වෛද්‍ය පීඨයට බඳවා ගන්නා ලද වෛද්‍ය සිසුන්හට සායනික පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත.

    ඒ අනුව රුපියල් මිලියන 4,324.22ක ආයෝජනයක් සහිතව යෝජිත මහාචාර්ය ඒකකය මහල් 06කින් යුත් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.