January, 3, 2020
ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ කිරුළපන සිට ගොඩගම දක්වා වන මාර්ග කොටස් සහ පාමංකඩ සිට පොකුණුවිට දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම/ වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී පදනමින් ලංසු කැඳවා ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූල ලංසුකරු වශයෙන් ඇගයීමට ලක් කර ඇති MAGA ඉංජිනියරින්ග් (පුද්) සමාගම වෙත ශ්‍රී ලංකා රුපියල් මිලියන 4,215.15 ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story