රු. මිලියන 726.3ක ආයෝජන සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ආයෝජකයින් 08කට ඉඩම්. නව රැකියා 270ක්

    February, 17, 2020

    කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන, කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක් වේ.

    එම වැඩසටහන යටතේ කර්මාන්තපුරවල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ආයෝජකයන් 08 දෙනෙකු වෙත ඉඩම් කොටස් වෙන් කර දීම 'අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව' විසින් නිර්දේශ කර ඇත.

    එම ආයෝජකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 726.3ක් ආයෝජනය කිරීමට නියමිතව ඇති අතර, එමඟින් ඍජු රැකියා අවස්ථා 270ක් ජනනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඒ අනුව එකී ඉඩම් කොටස් හඳුනාගත් ආයෝජකයින් වෙත වෙන් කර දීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.