රු. මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

    August, 22, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 90,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එළඹෙන බදාදා (24) දින පැවැත්වෙන මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොලිය 28.43% සිට 29.44ක් දක්වා වැඩි වී තිබුණි. එහිදී දින 182 බිල්පත් පොලිය 28.97% සිට 28.96% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 29.15% සිට 29.14% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබුණි.