• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

රු. මිලියන 90,000 ක දැවැන්ත බිල්පත් වෙන්දේසියක් අද 

October, 12, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

රු. මිලියන 90,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.