රු. මිලියන 942 ක වියදමින් නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් කොලොන්නාවට

    September, 3, 2020

    කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය සඳහා ඉන්ධන ගබඩා ටැංකි තුනක් ප්‍රසම්පාදනය කිරීම, ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Indo-East Engineering and Construction (Lanka) Pvt. Ltd, වෙත රුපියල් මිලියන 942.47ක (VAT බදු හැර) මුදලකට ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.