රූපලාවන්‍ය කෙරෙහි ශ‍්‍රී ලාංකිකයින්ගේ අවධානය ඉහළට

    February, 13, 2020

    රූපලාවන්‍ය ආශි‍්‍රත සැත්කම් සඳහා යොමු වීමේ ඉහළ යාමක් ශ‍්‍රී ලාංකිකයින් අතර දක්නට ලැබෙමින් තිබෙන අතර, සිය ශාරීරික පෙනුම අලංකාරව පවත්වා ගැනීමට පෙරට වඩා වැඩි උනන්දුවක් ඔවුන් තුළ දක්නට ලැබේ. වියපත් බව පෙනීම අවම කිරීම, කුරුලෑ අවම කිරීම, සම ආශ‍්‍රිත වෙනත් ගැටළු සඳහා ප‍්‍රතිකාර ලබාගැනීම හෝ සමේ අදින ලද ටැටූ ඉවත් කිරීම ආදී පුළුල් පරාසයක පැතිරුණු රූපලාවන්‍ය සැත්කම් ප‍්‍රතිකර්ම ඒ අතර වේ. මේ සියල්ල එකිනෙකාගේ පුද්ගලික කැමැත්ත අනුව සිදුකරනු ලබන සැත්කම් බවද කිව යුතුය.

    මේ පිළිබඳව අදහස් දක්වන නයින්වෙල්ස් රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය තියාශා ප‍්‍රනාන්දු මෙසේ පවසා සිටියාය. ‘‘රූපලාවන්‍ය ආශ‍්‍රිත සැත්කම් ආරම්භ කර ගතවූ මාස 5ක් වැනි කාලයක් තුළ අපට ලැබෙන ඉල්ලීම් දිනෙන් දින ඉහළ යාමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ලේසර් ක‍්‍රමයට රෝම ඉවත් කිරීම්, ලේසර් ෆේෂල් සත්කාර, කෙස් හා මුහුණ සඳහා PRP ප‍්‍රතිකාර, සම එල්ලා වැටීම වළක්වන රේඩියෝ ෆ‍්‍රීකුවෙන්සි ප‍්‍රතිකාර, Botox සහ Fillers වැනි ප‍්‍රතිකාර සඳහා ලැබෙන ඉල්ලීම් ඒ අතරින් ප‍්‍රධානයි. ඉහත සඳහන් කළ ප‍්‍රතිකර්ම විධි සියල්ල රූපලාවන්‍ය ආශ‍්‍රිත සැත්කම් ක‍්‍රමවේද වන අතර, එකිනෙකාගේ කැමැත්ත අනුව ඒවා එකිනෙකට වෙනස් වේ. තම පෙනුම ඉහළ නංවාගැනීම ස`දහා ශ‍්‍රී ලාංකිකයින් අතර ඉහළ යන උනන්දුව ඉහත ස`දහන් කළ රූපලාවන්‍ය ප‍්‍රතිකාර වෙත යොමුවීමෙන් පැහැදිලි වෙනවා. රූපලාවන්‍ය ප‍්‍රතිකාර ශල්‍යකර්ම සම්බන්ධයෙන් පසුගිය වර්ෂ පහක් වැනි කාලයක් තුළ පැවැති දුර්මත ඉවත් කරමින් ඒ පිළිබ`දව විශ්වාසයක් හා සෘණාත්මක ආකල්ප අවම කිරීම සහ ඊට වඩාත් හො`ද පිළිගැනීමක් ලබාදීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා.’’

    ලේසර් තාක්ෂණය ස`දහා ලෝකයේ ප‍්‍රමුඛතම සන්නාමයක් වන , "Lumenis", සමග නයින්වෙල්ස් රෝහලේ රූපලාවන්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සවිබලගැන්වී තිබෙන අතර, රූපලාවන්‍ය ප‍්‍රතිකාර ස`දහා මෙරට වඩාත් උසස් තාක්ෂණයක් භාවිතා කරනු ලබන රෝහලක් බවට පත්ව තිබේ. Lumenis සන්නාමය යටතේ නිෂ්පාදිත NuEra Tight යන්ත‍්‍රයක් නයින්වෙල්ස් රෝහලේ රූපලාවන්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සතු අතර එය එම වර්ගයේ මෙරට හා ආසියාවේ ප‍්‍රථම හා එකම යන්ත‍්‍රයද වේ. සම එල්ලා වැටීම, මුහුණ හා ශරීරයේ භාහිර හැඩගැස්ම සහ මේද කැටිගැසීම අවම කිරීම වැනි ගැටළුකාරීත්වයන් ස`දහා එයින් ප‍්‍රතිකාර සිදුකෙරේ.

    සුඛෝපභෝගී රෝගී සත්කාරයක් ලබා දෙන විශාල ඉඩ පහසුකම් සහිතව නයින්වෙල්ස් රෝහලේ 10 වැනි මහලේ ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානය උසස් හැකියාවන්ගෙන් හා පළපුරුද්දෙන් යුත් වෛද්‍ය විශේෂඥයින්, ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ සහයෝගී කාර්යමණ්ඩලයකින් සමන්විත වේ. සැත්කම් හා සැත්කම් නොවන ප‍්‍රතිකාර දෙවර්ගයම මෙම මධ්‍යස්්ථානයෙන් ලබාගැනීමට හැකියාව තිබේ. rhinoplasty, fat injections සහ double chin reduction, cosmetic ear procedures, neck lifts, මෙන්ම දරු ප‍්‍රසූතියෙන් පසු මව්වරුන්ට ඔවුන්ගේ ශරීර පෙර පැවැති පෙනුමටම පත්කර ගැනීම ස`දහා ලබා දෙන ‘Mommy Makeover’ ප‍්‍රතිකාර ආදී ශල්‍ය විස`දුම් රැුසක්ම නයින්වෙල්ස් රූපලාවන්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සතුය liposuction, calf සහ butt augmentation සහ abdominoplasty මෙන්ම Gynae-cosmetic වැනි body contouring ප‍්‍රතිකර්මයන්ද මෙහිදී ලබාගත හැකිය.

    chemical peels, laser hair removal, Botox, fillers, acne management, stretch mark treatment, tattoo/birth mark removal, micro needling, spider vein treatment, fat/cellulite reduction, cauterization, laser facial rejuvenation සහ තවත් ශල්‍ය නොවන ප‍්‍රතිකර්ම බොහෝමයක්ද මෙහිදී සිදුකරනු ලබයි.

    ජාත්‍යන්තර වෛද්‍ය අධ්‍යයනයන්ට අනුව රූපලාවන්‍ය ශල්‍යකර්ම මගින් ජනයා තම පෙනුම වඩාත් අලංකාර කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව පෙනී ගොස් තිබේ. සත්‍ය වශයෙන්ම රූපලාවන්‍ය සැත්කම් ආශ‍්‍රිත ප‍්‍රතිකාර පුද්ගලයින්ගේ ශාරීරික හා මානසික තෘප්තිමත්භාවය වර්ධනය කිරීම ස`දහා හේතු වේ. වෘත්තීය ජීවිතයේ ඉහළටම ගිය බොහෝ දෙනා තම රූපය පිළිබ`දව වැඩි සැලකිල්ලක් දැක්වූවන් බවත් අලංකාර කඩවසම් රූපයකට හිමිකම් කීම නිසා බොහෝ තැන්වල කටයුතු කිරීමේදී ආත්ම විශ්වාසය ඉහළ යන බවත් පෙනී ගොස් තිබේ. එපමණක් නොව රූපලාවන්‍ය සැත්කම් නිසා සාංකාව, සමාජ භීතිකාව සහ විශාදය වැනි ආත්ම විශ්වාසය පහළ යාම හේතුවෙන් ඇතිවිය හැකි රෝග රැසක් වළක්වා ගැනීමට හැකි බවද සොයාගෙන තිබේ. මෙම සැත්කම් ස`දහා එම විෂය ක්ෂේත‍්‍රයන්හි විශේෂඥ දැනුමින් යුතු වෛද්‍යවරුන් සහභාගීවන බැවින් එයින් ලැබෙන ප‍්‍රතිඵල ඉතාමත් විශ්වාසදායී වනු ඇත.

    මේ සියලූ ප‍්‍රතිකර්ම පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කෙරෙන ආකාරයට සිදුකරන බව වෛද්‍ය තියාශා ප‍්‍රනාන්දු පවසන අතර, ඔවුන් තුළ සුරක්ෂිතතාවය පිළිබ`දව හැ`ගීම සෑම විටම සහතික කරනු ලබයි. පුද්ගලික ප‍්‍රවේශ පහසුකම ඇතුළු VIP සේවාවන් සහ ඉහළ පුහුණුවක් සහිත වෛද්‍ය වෘත්තිකයින්ගේ හදිසි සේවා සහයෝගය වැනි සේවාවන්ද මෙම මධ්‍යස්ථානය වෙතින් ලබාගැනීමේ හැකියාව ලැබේ.