රෙදිපිළි හා ඇඟලුම්වලට සෞඛ්‍යාරක්ෂණ සහතිකයක් අනිවාර්යය කෙරේ

    December, 13, 2017

    දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර සෞඛ්‍යාරක්ෂණ සහතිකයක් ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීමටත්, එම සහතිකය නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට ලබා දීමටත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද සහාය ඇතිව ළදරු හා ළමා ඇඳුම්වලට අදාළ ප්‍රමිති නිර්ණය කිරීමටත්, පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා මෙම ක්‍රියාවලිය බලාත්මක කිරීමටත් පසුගිය වර අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය ලැබී තිබේ.