රොසෙල් මුල් තැනත් ධම්මික පෙරේරාට

    July, 1, 2014

    රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්ව තිබේ.

    ධම්මික පෙරේරා මහතා මීට පෙර මෙම සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඒ.එම්.වීරසිංහ මහතායි.

    වීරසිංහ මහතා තවදුරටත් රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.