රොසෙල් MD පුටුව අරවින්ද පෙරේරාට

    March, 14, 2017

    රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් අරවින්ද පෙරේරා පත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

    රෝයල් සෙරමික් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ නිමල් පෙරේරා පසුගිය මාර්තු 07 වැනි දින අදාළ තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව පුරවනු පිණිස මෙම පත්වීම කර තිබේ.

    කලක් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ අරවින්ද පෙරේරා, පසුගිය සැප්තැම්බරයේ දී හේලීස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත්විය.

    වරලත් ඉංජිනේරුවරයෙකු වන අරවින්ද පෙරේරා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ සාමාජිකයෙකු ද වේ.

    2016 වසරේ දී Asian Banker විසින් පිරිනමන ලද “CEO Leadership Achievement Award 2016” සම්මානයෙන් පිදුම් ලැබීමට අරවින්ද පෙරේරා සමත්විය.