ලංකාවට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ ආයෝජන මෙන්න

    August, 28, 2017

    ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබිඹු කරමින්, මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම්වල පසුගිය මාසය තුළ දී දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2017 වසරේ ජූනි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 97.6 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ පළමු භාගයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන ගෙවීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 153 ක් දක්වා අඩුවිය.

    තවද, වසරේ පළමු භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 229.3 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර එය පිළිවෙලින් ද්විතීයික වෙළෙඳපාළ වෙත හා ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 145.9 ක හා එක්සත් ජනපද ඩොලර් මිලියන 83.4 ක ශුද්ධ ලැබීම්වලින් සමන්විත විය.

    මේ අතර 2017 වසරේ පළමු භාගයේ දී ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් ද ඇතුළු රජය වෙත ලැබුණු දිගුකාලීන ණය ප්‍රමාණය, 2016 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 98.3 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ලෙර් මිලියන 493.3 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.