ලංකාවට චීන්නු පැමිණීම අඛණ්ඩව ඉහළට

    March, 14, 2014

    දැවැන්ත සංචාරක වෙළඳ පොළක් තිබෙන චීනයෙන් වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලංකාවේ උත්සාහය දිනෙන් දිනම සාර්ථක වෙමින් මෙවරද චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනේ.

    රජයේ නිළ දත්ත වලට අනුව 2013 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ගෙවුණු පෙබරවාරි මාසයේදී මෙරටට චීනය සහ හොංකොං වලින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 63.9 කින් වර්ධනය වී සංචාරකයින් 10,319 ක් පැමිණ තිබේ.

    2014 පෙබරවාරියේදී මෙරටට සංචාරකයින් 141,878 දෙනෙකු පැමිණ තිබෙන අතර එය ගිය වසරේ පෙබරවාරි මාසය සමග සැසඳීමේදී සියයට 24.5 ක වර්ධනයකි.

    මෙහිදී, වැඩිම වර්ධනයක් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාව, රුසියාව හා චීනය යන රටවල් වලිනි.

    මේ වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 28.5 කින් වර්ධනය වී 288,453 ක්වී ඇත.

    චීන සංචාරකයින් වැඩිපුර මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලංකාව විසින් පසුගිය කාලයේදී චීනයේ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක්ම පවත්වන ලදී.