ලංකාවේ අපිට ලෙහෙසියෙන් යා හැකි රටවල් මෙන්න

    April, 4, 2016

    ලොවපුරා රටවල ගමන් බලපත්‍ර ඇසුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ARTON CAPITAL විසින් එළිදක්වන ලද වාර්තාවක් පසුගියදා නිකුත් කෙරුණු අතර ඉන් කියැවුණේ එක් එක් රටවල ගමන් බලපත්‍ර කොතරම් බලසම්පන්න ද යන්නයි.

    පූර්ව වීසා ලබාගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී (On Arrival) වීසා ලබාගැනීමේ හැකියාව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි.

    එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියෙකුට රටවල් 47 කට කිසිදු අපහසුවකින් තොරව යා හැකි බව වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ARTON CAPITAL හි සන්නිවේදන කළමනාකාර ජෝර්ජියා ටේලර් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ මේ වන විට තම ආයතනය අදාළ විෂය පිළිබඳව තොරතුරු එළිදක්වන www.passportindex.org වෙබ් අඩවියට අදාළ රටවල ලැයිස්තුව ඇතුළත් කර තිබෙන බවයි.

    එම වාර්තාවට අනුව සෘජුවම කිසිදු අපහසුවකින් තොරව ඇතුළත් විය හැකි රටවල් සංඛ්‍යාව 38 ක් ලෙසින් සටහන් විය. පහත දැක්වෙන්නේ එම රටවල් 38 යි.

    1 Bahamas visa free
    2 Barbados visa free
    3 Bolivia visa on arrival
    4 Burundi visa on arrival
    5 Cambodia visa on arrival
    6 Cape Verde visa on arrival
    7 Comoros visa on arrival
    8 Djibouti visa on arrival
    9 Dominica visa free
    10 Ecuador visa free
    11 Gambia visa free
    12 Grenada visa free
    13 Guinea-Bissau visa on arrival
    14 Haiti visa free
    15 Iran visa free
    16 Kenya visa on arrival
    17 Lesotho visa free
    18 Madagascar visa on arrival
    19 Malawi visa on arrival
    20 Maldives visa on arrival
    21 Mauritania visa on arrival
    22 Micronesia visa free
    23 Mozambique visa on arrival
    24 Nepal visa on arrival
    25 Nicaragua visa on arrival
    26 Palau visa on arrival
    27 Palestinian Territories visa on arrival
    28 Saint Kitts and Nevis visa free
    29 Samoa visa on arrival
    30 Senegal visa on arrival
    31 Seychelles visa on arrival
    32 Singapore visa free
    33 St. Vincent and the Grenadines visa free
    34 Timor-Leste visa on arrival
    35 Togo visa on arrival
    36 Tuvalu visa on arrival
    37 Uganda visa on arrival
    38 Vanuatu visa free

    මේ අතර DoYouNeedVisa.com වෙබ් අඩවිය මගින් ද ඉහත ලැයිස්තුවට අමතරව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රහිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව යා හැකි රටවල් කිහිපයක් අනාවරණය කර තිබිණි. පහත දැක්වෙන්නේ එම රටවල් හි ලේඛනයයි.

    39. Anguilla
    40. British Virgin Islands
    41. Cook Islands
    42. Guyana
    43. Montserrat
    44. Niue
    45. Nauru
    46. Turks and Caicos Islands

    මීට අමතරව බංග්ලාදේශය ට යාමේදී පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ගමන් කළ හැකි බව අදාළ වාර්තාවෙහි සඳහන් වූ අතර ඒ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාවයන් දැක්වුණේ පහත පරිදිය.

    “Visa is not required for those traveling on business can obtain a visa on arrival, provided holding a letter of invitation issued by an accredited organization in Bangladesh.“