ලංකාවේ උසම ගොඩනැගිල්ල රාජගිරියට. ක්‍රිකට් ලෝක ශූරයින්ට උපහාරයක්ලු

    July, 30, 2015

    ඉන්දියාවේ දේපොළ සංවර්ධන සමාගමක් වන Shreepati Edifice (Pvt) Ltd විසින් ඩොලර් මිලියන 330 ක ආයෝජනයකින් තට්ටු 96 කින් සමන්විත මෙරට උසම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගොඩනැගිල්ලේ සුවිශේෂීත්වය වන්නේ 1996 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උපහාරයක් එක්කරමින් මෙය සැලසුම් කර තිබීමයි.

    මෙම ගොඩනැගිල්ල (Tower) රාජගිරියේ පිහිටි අක්කර 02 ක ඉඩමක ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර මෙම ඉඩම කල්බදු ක්‍රමයට (leased out) M/s Wills Relators (Pvt) Ltd සමාගමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාදී ඇත.

    තට්ටු 96 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල (Tower) අඩුම ගණනේ මීටර් 363 ක උසකින් යුක්ත වනු ඇති බවත් මෙහි නිවාස 373 ක්, Penthouses 92 ක් ඇතුළු සුඛෝපභෝගී පහසුකම් ස්ථාපිත කරනු ඇති බවත් සඳහන්ය.

    මෙම ගොඩනැගිල්ල (Tower) මාස 48 කින් නිම කිරීමට සැලසුම් කර තිබේ.