ලංකාවේ එක් අයෙකුගේ ණය රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

    March, 2, 2018

    විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව 2016 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 417,913 ක් ලෙස දක්වා ඇත.

    මෙම අගය 2015 වසර අවසානයේ දී සටහන් වූයේ රුපියල් 371,462 ක් වශයෙනි.

    2005 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 108,908 ක් ලෙසින් වාර්තා විය.

    මේ අනුව වසර 11 ක් තුළ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ.