ලංකාවේ පළමු වරට විදුලි ගුවන් පාලම් ඉදිකිරීම ඇරඹෙයි

    March, 21, 2014

    ශ්‍රී ලංකාවේ පළමු වතාවට පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා විදුලි ගුවන් පාලම් ඉදිකිරීමට සූදානම් වේ.

    මේ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පළමු විදුලි ගුවන් පාලම ඉදිකරන්නේ පානදුර බස්නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය හරහායි.

    මෙහි කොන්ත්‍රාත්තුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දේශීය සමාගමට ලබාදී තිබෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200 කට ආසන්න වේ.