ලංකාවේ පාස්පෝට් එකෙන් වීසා නැතුව යන්න පුළුවන් රටවල් මෙන්න

    July, 4, 2022

    ලොව පුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම අනුව එක් එක් රටෙහි ගමන් බලපත්‍රය කොතරම් බලසම්පන්නදැයි කියනු ලැබේ.

    එනම් පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව තවත් රටකට යාමට අදාළ ගමන් බලපත්‍රයට ඇති හැකියාව අනුව එක් එක් රටෙහි ගමන් බලපත්‍රයට ඇති පිළිගැනීම වෙනස්වනු ඇත.

    අද වන විට ලොව බලගතුම ගමන් බලපත්‍රය ලෙස සැලකෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගමන් බලපත්‍රයයි. එය දරන්නෙකුට වීසා රහිතව (Visa Free) රටවල් 115 කට ඇතුල් විය හැකි අතර රටකට ඇතුළත් වන අවස්ථාවේ දී (Visa On Arrival) වීසා ලබා ගත හැකි රටවල් සංඛ්‍යාව 55 කි. පූර්ව වීසා ලබා ගැනීමක් (Visa Required) අවශ්‍ය වන්නේ රටවල් 28 කට පමණි.

     

    මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 83 වැනි තැනයි.

    වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 12කට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් ඇතුල් වීමට අවස්ථාව ලැබෙන අතර Visa On Arrival පහසුකම යටතේ රටවල් 37කට යාමේ අවස්ථාව ඊට හිමිවේ.

    ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් දරන්නෙකුට ලොව රටවල් 147කට ඇතුල් වීම සඳහා පූර්ව වීසා ලබා ගැනීම අනිවාර්යය වනු ඇත.

    Passport Index වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් විය හැකි රටවල් පහත පරිදි වේ.

    1. Bahamas
    2. Barbados
    3. Dominica
    4. Gambia
    5. Grenada
    6. Haiti
    7. Lesotho
    8. Saint Kitts and Nevis
    9. Singapore
    10. St. Vincent and the Grenadines
    11. Tajikistan
    12. Venezuela

    මේ අතර ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන තවත් අයතනයක් වන Henley & Partners Holdings Ltd විසින් එළිදක්වා ඇති The Henley Passport Index: Q2 2022 Global Ranking ට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 1‍03 වැනි තැනයි.