ලංකාවේ මොනෝරේල් වලට මැලේසියාවේ MATRADE වෙතින් මුදල් ?

    August, 24, 2015

    මැලේසියාවේ ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ඒජන්සිය හෙවත් MATRADE මෙරට දේපොළ සංවර්ධනය, මොනෝරේල්, දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය, වරාය මෙහෙයුම්, දේපොළ වෙළඳාම සහ හෝටල් ඉදිකිරීම යන අංශ වලට මූල්‍ය පහසුකම් සැපයීමට කැමැත්තෙන් සිටින බව අනාවරණය වේ.

    මැලේසියාවේ ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ඒජන්සිය හෙවත් MATRADE හි, නියෝජිතයින් පිරිසක් මෙරට ව්‍යාපාරිකයින් කණ්ඩායමක් සමග ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

    මෙහිදී, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා අරමුදල් මැලේසියාවේ EXIM බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා සිදුකිරීමට MATRADE කැමැත්තෙන් සිටින බව මෙහිදී එහි නියෝජිතයින් පවසා ඇත.

    දේශීය පාර්ශවකරුවන් සමග සම්බන්ධ වී මැලේසියාවේ සමාගම් වලට ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාවක් ඇතැයි මෙහිදී අදහස් දැක්වූ ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් මංගල යාපා මහතා සඳහන් කර තිබේ.