ලංකාවේ ලොකුම පාලම පිටත වටරවුම් මාර්ගයේ

    March, 8, 2014

    ලංකාවේ ලොකුම පාලම පිටත වටරවුම් මාර්ගයේ කැළණි ගඟ හරහා ඉදිකරන බවත් එය මංතීරු දහයකින් සමන්විත දැවැන්ත එකක් වනු ඇති බවත් අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි පැවසුවේ මෙම පාලම මත පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ඉදිකරන බවයි.

    “පිටත වටරවුම් මාර්ගයේ පළමු අදියර විවෘත වනවිට කඩුවෙල, කොතලාවල අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ඉදි කරන්නේ තාවකාලිකවයි. ඇත්තටම, කඩුවෙල අන්තර් හුවමාරුව ස්ථීර වශයෙන් ඉදිකරන්නේ කැළණි ගඟ මත ඉදිකරන පාලමේයි. මෙම පාලම තමයි ලංකාවේ ඉදිවන විශාලතම පාලම.“

    යනුවෙන් පේමසිරි මහතා සඳහන් කළේය.