ලංකාවේ හැදූ ලොකුම නැව ළඟදීම ඉන්දියාවට

    March, 8, 2014

    ශ්‍රී ලංකාවේ මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම නෞකාවේ නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන් කරමින් තිබෙන බවත් ලබන මාර්තු මාසයේදී එය ඉන්දියානු මධ්‍යම රජයට භාරදීමට සැලසුම් කර තිබෙන බවත් කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා කියයි.

    කලම්බෝ  ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, මංගල පී.බී. යාපා අප සමග පැවසුවේ මෙම නෞකාවේ මගීන් 450 දෙනෙකු හා භාණ්ඩ ටොන් 2500 ක් රැගෙන යා හැකි බවයි.

     “මගීන් 450 දෙනෙකුට ගමන් කළ හැකි නෞකා දෙකක් ඉන්දියාවේ ලක්ෂඩ්වීප් (Lakshadweep) දූපත සඳහා ගොඩනැගීමේ ඇනවුම් අපිට ලැබී තිබුණා. මෙම නෞකා දෙකම අපි ගොඩ නගනවා. පළමු නෞකාව මාර්තු මාසයේදී භාර දුන්නාට පසුව අනිත් නෞකාවේ වැඩත් නිමකර ඉතාමත් ඉක්මනින් භාර දෙනවා.“

    යනුවෙන් ප්‍රධාන විධායක නිළධාරීවරයා අප සමග සඳහන් කළේය.

    කලම්බෝ ඩොක්යාර්ඩ් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගමකි.

    සමාගම පසුගිය කාලය පුරාම විදේශීය වෙළඳ පොළට නෞකා හා යාත්‍රා නිෂ්පාදනය කළේය.