ලංකාව අවසන් තරගයට ආවොත් අපිත් එක්ක බංග්ලාදේශයට යන්න ඔබත් එන්න

    April, 3, 2014

    අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි-විස්ස තරගාවලියේ අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ලබන ඉරිදා ශ්‍රී ලංකාව තරග වදින අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට බංග්ලාදේශයට යාම ඇතුළු පහසුකම් සැපයීමට ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සමාගම සහ මිහින් ලංකා අත්වැල් බැඳගනී.

    මේ අනුව, ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණය හොත් ලබන ඉරිදා (06) උදෑසන මිහින් ලංකා ගුවන් යානයකින් කොළඹ සිට බංග්ලාදේශයට නරඹන්නන් රැගෙන යන අතර තරගය අවසන් වූ පසුව එදිනම රාත්‍රී එම ගුවන් යානය නැවතත් කොළඹට පැමිණේ.

    ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සහ මිහින් ලංකා එක්ව තිලිණ කරන මෙම සුවිශේෂී ගමනට ඔබත් සහභාගී වීමට කැමැති නම් පහත සඳහන් දුරකතන අංක වලට කතාකර ආසන වෙන්කරවා  ගත හැකිය.

    මෙහිදී, අවසාන මහා තරගය නැරඹීම සඳහා ටිකට් පත, වීසාව සහ ගුවන් ටිකට් පත වෙන්කරවා ගැනීමේ පහසුකම් සපයනු ලබයි.

    මෙම සුවිශේෂී ගමනට සහභාගී වීමට ඔබත් කැමති නම් අමතන්න.

    චතුරිකා- 0722- 225866

    ෂිහාර-    0722-402245

    ඉෆාස්-    0722-230274