ලංකාව PayPal දොර විවර කිරීමේ වැඩ අරඹයි

    March, 8, 2014

    ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ පාර්ශවකාර බැංකුව වීමට මෙරට බැංකුවක් සාකච්ඡා අරඹා ඇතැයි අනාවරණය වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව මෙරට විදේශීය ප්‍රවෘත්ති සේවාවල මාධ්‍යවේදීන්ට කොළඹදී පවසා ඇත.

    ශ්‍රී ලංකාවේ සිට පේපෑල් මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකි නමුත් ලංකාවේ නීති වලට අනුව වෙනත් රටවල සිට ලංකාවට පේපෑල් හරහා මුදල් එවිය නොහැකිය.

    කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබෙන්නේ පේපෑල් ඔස්සේ ලංකාව තුළටත් මුදල් ඒවීම සඳහා අවස්ථාව ලබාදීමටයි.

    ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.