November, 28, 2018
ලංකා බැංකුවේ නව විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස විශාඛා අමරසේකර, ලලිත් පී විතාන, මාධවී හේරත්, බසුරු බාලපටබැඳි හා හර්ෂ විජයවර්ධන යන මහත්ම මහත්මීන් පත් කර තිබේ. මෙම පත්කිරීම් 2018 නොවැම්බර් 26 දින සිට බලපැවැත්වේ.
මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.
විශාඛා අමරසේකර මහත්මිය නව විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කෙරුණු එස්.ආර්. ආටිගල මහතා ලංකා බැංකු අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව පිරවීම පිණිසය.
මේ අතර ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් නීල් උමගිලිය මහතා පසුගිය නොවැම්බර් 19 දින පත් කරනු ලැබීය.
ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.
නීල් ඒ. උමගිලිය - සභාපති
විශාඛා අමරසේකර
ලලිත් පී. විතාන
මාධවී හේරත්
ඉසුරු බාලපටබැඳි
හර්ෂ විජයවර්ධන
Video Story