ලංකා බැංකුවේ ප්‍රාග්ධනය රු. බිලියන 5 කින් ඉහළට

    March, 26, 2019

    ලංකා බැංකුවේ ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් බිලියන 20 සිට රුපියල් බිලියන 25 දක්වා වැඩි කළ යුතු බව මුදල් අමාත්‍යවරයා විසින් නිශ්චය කර තිබේ.

    ලංකා බැංකු ආඥාපනතේ 7 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියමය ක්‍රියාත්මක කර ඇති අතර ඒ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.