ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ නිෂ්පාදිත ඛණිජ වැලි විකුණන්න සමාගම් 3කට පවරයි

    January, 17, 2019

    රජයට අයත් ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිෂ්පාදිත ඛනිජ වැලි විකිණීම සඳහා වන ටෙන්ඩර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි, Non -Magnetic Heavy Mineral Concentrate මෙට්‍රික් ටොන් 40,000 මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 283.91ක් බැගින් සහ Low-Grade Zircon Crude මෙට්‍රික් ටොන් 13,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 25.11 බැගින් සහ සර්කෝන් මෙට්‍රික් ටොන් 250ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1,403 බැගින් එම්/එස්. ඇල්කේමි බර ලෝහ (පුද්ගලික) සමාගම වෙත සහ රූටයිල් මෙට්‍රික් ටොන් 800ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1,113 බැගින් M & S Sell & Parker Pty. Ltd. වෙතත් සහ හයි ටයි ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 2,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 136.86 බැගින් M/s. Project Prospects (pvt) Ltd.වෙතත් පිරිනැමීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.