ලංකා වාණිජ මණ්ඩලය වත්මන් බලශක්ති අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි

    April, 11, 2022

    ලංකා වාණිජ මණ්ඩලයෙහි බලශක්ති අංශ කමිටුව විසින්, ශ්‍රී ලංකාවේ වර්තමාන බලශක්ති අර්බුදය පිළිබඳ අධ්‍යයනයන් සිදුකර ඇත. එමගින් මෙරට බැංකු පද්ධතිය තුල වර්තමානයේ ඇතිවී තිබෙන විදේශ විනිමය හිඟය මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ සැලසුම් හා මූල්‍ය කළමනාකරණයෙහි දීර්ඝ කාලීන ලෙස මුල් බැසගත් දුර්වලතාවයන් රැසක්ද අනාවරණය වී තිබේ. මෙම අර්බුදය හරහා, ආනයනික ඛනිජ තෙල් මත බරපතල ලෙස යැපීමේ සහ පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍ර වලට මාරු වීම මන්දගාමී වීමේ ප්‍රතිවිපාකයන් ඉස්මතු වන බව ලංකා වාණිජ මණ්ඩලයේ අදහසයි. ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදන සැලැස්ම ආර්ථික  ස්ථාවරත්වය තහවුරු කරන සාධක මත පදනම් විය යුතු බවත්, ආනයන මත අධික ලෙසරඳා නොපැවතිය යුතු බවත් ලංකා වාණිජ මණ්ඩලයේ අදහසයි. මේ සඳහා, මිලකරණ පුරෝකථනයන් හා අනුගත වන, බලශක්ති යෙදවුම්වල කෙටි කාලීන වෙනස්වීම් වලට ප්‍රතිචාර දැක්වීමට හැකි සැලසුම් චක්‍රයක් ස්ථාපිත කළ යුතු අතර, බාහිර වෙළඳපොළේ අස්ථාවරත්වයන්  වලට ශක්තිමත්ව මුහුණ දීමට හැකිවන ලෙස පුනර්ජනනීය බලශක්තීන් මත රඳා පැවැත්ම වැඩි කරගත යුතුය.

    ලංකා වාණිජ මණ්ඩලය විසින් වත්මන් බලශක්ති අර්බුදයෙහි බලපෑම සලකා බලා, බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ගත යුතු කෙටි, මධ්‍යම හා දීර්ඝ කාලීන පියවර ආවරණය වන පරිදි  නිර්දේශ නවයක්  බලශක්ති අමාත්‍යවරයා හා අදාළ ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇත.

     

    කෙටි කාලීන නිර්දේශ 

    1. තම විදුලි බිල ගෙවීමේ හැකියාව ඇති පාර්ශව සඳහා කොවිඩ්-19 වසංගතයට අදාළ ගෙවීම් කල් දැමීමේ සහනය ඉවත් කිරීම. මෙය නිශ්චිත අගයකින් ඉහළ බිල්පත් සඳහා ක්‍රියාත්මක කිරීම තුළ .විදුලි බල අංශය දැනට මුහුණ දී තිබෙන බරපතල මුල්‍ය අර්බුදයට යම් ආකාරයක සහනයක් සැලසෙනු ඇත.
    2. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (Independent Power Producers) වෙත විදුලි බල මණ්ඩලයෙන් ලැබිය යුතු සියලුම ගෙවීම් වහාම සිදුකිරීමට පියවර ගත යුතුය. මෙම තත්වය තනි බලාගාරයක් හිමි පාර්ශව වලට බලපාන අතර, ඔවුන්ගේ බලශක්ති නිෂ්පාදනයට ඇති හැකියාව මෙන්ම බැංකු ණය ගෙවීමේ හැකියාවට ද බලපායි. මේ ආකාරයේ ආර්ථික අවාසි හේතුවෙන් සිදු වී තිබෙන ණය ගෙවීම් ප්‍රමාදවීම් ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB) නිදහස් කල යුතු අතර, එය එසේ කල යුත්තේ අදාළ ගැටලුව ආයෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ඇති දෙයක් බැවිනි.
    3. ඉල්ලුම් පාර්ශවීය කළමනාකරණ පිළිබඳව වන ක්‍රියාමාර්ග වහා ක්‍රියාත්මක කිරීම. මීට අදාළ අරමුණු ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ පැහැදිලිව විස්තර කර ඇති නමුත් ශ්‍රී ලංකාව සඳහා නිශ්චිත නිර්දේශයන් පිළිබඳව කිසිදු විස්තරයක් සපයා නොමැත.
    4. විදුලි තීරුබදු ව්‍යුහය වහාම සංශෝධනය කිරීම. ගල් අඟුරු සහ බොරතෙල් මිල ඉහළයාම නිසා වත්මන් තීරුබදු යාන්ත්‍රණය පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇත. සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා නියාමකයාට ප්‍රමාණවත් තොරතුරු ලැබෙන පරිදි තීරුබදු ක්‍රමවේදයේ දක්වා ඇති අවශ්‍ය ක්‍රියාවලීන් විදුලි සේවා සපයන ආයතනය විසින් ක්‍රියාත්මක කිරීම  කල යුතුය.
    5. ශුද්ධ මැනීම (net -metering)  සහ  ශුද්ධ ගිණුම්කරණය  (net-accounting) භාවිතය සඳහා ඉල්ලුම්පත්‍ර අනුමැතියෙහි ි ඇති ප්‍රමාදයන් ඉවත් කිරීමට කටයුතු කිරීම .ජාල ධාරිතාව නොමැතිකම මෙයට හේතුව ලෙස දක්වා තිබුනද , එය රටේ සියලුම උප බලාගාර  සඳහා අදාළ නොවන අතර විස්තරාත්මකව අධ්‍යයනය කළ යුතු දෙයකි. ඇතැම් ප්‍රදේශ සඳහා මෙම ගැටලුව බල පවතින්නේ නම් එම ප්‍රදේශ වල විදුලි ජනනය කළමනාකරණය කිරීම සඳහා ජාල ආධාරක සහ විදුලි ගබඩා තාක්ෂණය වැනි විකල්ප වල  ආයෝජන කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයා බැලිය යුතුය. අයදුම් කළ දින සිට සති දෙකක් ඇතුළත කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ස්වයංක්‍රීයව අනුමැතියට භාජනය වීමක් ලෙස සලකන යාන්ත්‍රණයද විපරමට ලක් කල යුතුවේ.
    6. විදුලි කප්පාදුව නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අසීරුතාවයන්ට පත්වීම වැළැක්විය හැකි ආකාරයන් පිළිබඳ සොයාබැලීමට අධ්‍යයනයක් ආරම්භ කල යුතුය. කුඩා හෝටල්, කුඩා කඩ සාප්පු, ආපනශාලා වැනි ව්‍යාපාර වන නියැලෙන ා ව්‍යාපාර හිමියන් මේ දිනවල සිදුවන විදුලිය ඇනහිටීම් හේතුකොට ගෙන තම ව්‍යාපාර කඩාවැටීමේ අවදානමකට මුහුණපාන පළමු පිරිසයි. එබැවින් මෙම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වේ. මෙකී කණ්ඩායම් හඳුනාගැනීමේ සහ ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඒ පිළිබඳ අධ්‍යයනය  තුලින් සොයාගත හැක.
    7. දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීම් සිදුවන අතරතුරදී වුවද, පුනර්ජනනීය බලශක්තීන් හා සබැඳි විදුලි ජනනයන් සෑම විටම ජාලයට සම්බන්ධව පැවතිය යුතුය. උදෑසන 11 සිට සවස 3 දක්වා වන කාලය උපරිම වශයෙන් සූර්ය බලය හරහා බලශක්තිය ජනනය කළ හැකි කාලය වන බැවින් දිවා කාලයේ සිදුවන විදුලිය විසන්ධිවීම් මධ්‍යයේ වුවද, ජාලයට පුනර්ජනනීය බලශක්තිය සැපයීම සඳහා අවශ්‍ය වන තාක්ෂණයන් හෝ යාන්ත්‍රණයන් සොයා බැලිය යුතුය.

     

    මධ්‍ය කාලීන සිට දීර්ඝ කාලීන නිර්දේශ

    1. සම්ප්‍රේශණ හා බෙදාහැරීම් ජාලයට පොදු ප්‍රවේශය ලබාදීම (Power wheeling) සහ සැපයුම්කරුවා හා ඉල්ලුම්කරුවා අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම මිලදී ගැනීමේ ගිවිසුම් (Peer-to-Peer Power Purchase Agreements - PPAs) සඳහා ඉඩ සලසා දීම. තනි ආයතනයක් හරහා සිදු කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පාරිභෝගිකයින්ට සහ ආයතන වලට එකසේ අහිතකර බලපෑම් සිදු කරන ප්‍රමාදයන් ඇති කරයි. බලරෝද යාන්ත්‍රණය  (Power wheeling) මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව නිෂ්පාදකයින්ට විදුලි බල පද්ධතියේ පවතින සම්ප්‍රේෂණ/බෙදාහැරීමේ ක්‍රමවිධි භාවිතා කර ආයතනික/අනාගත ගැනුම්කරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ කොන්දේසි මත විදුලිය සැපයීමට ඉඩ සලසයි. මෙය ලොව පුරා භාවිත වන අතර විදුලි සම්ප්‍රේෂණ  ජාලය නඩත්තු කරන ආයතනයට ගාස්තුවක් ගෙවා එම සේවාව භාවිතා කිරීමේ  ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ.
    2. කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ ජාලය තුළ  පුනර්ජනනීය බලශක්ති ධාරිතාවය ඉහළ නැංවීමේ වාර්ෂික ඉලක්ක  සැකසීම කල යුතුය. ඒ සඳහා නිශ්චිත දායකත්වයක් දැක්විය හැකි කලාප හඳුනා ගැනීම සහ පැහැදිලි ප්‍රසම්පාදන ක්‍රමවේද ප්‍රකාශ කිරීම සිදු කළ යුතුය. රජය විසින් මිල දී ගන්නා ලද විදුලිය සඳහා මිල ක්‍රමය/පෝෂක ගාස්තු ක්‍රමය)  (feed-in-tariff) සඳහා ආන්තික පිරිවැය මත  මිල නියම කිරීම වෙනුවට වඩා නිශ්චිත ඉලක්කයකට / යෙදවුම්  මට්ටමකට බැඳී ඇති ‘ආර්ථික තීරුබදු’ ලෙස යොදාගන්නා ක්‍රමවේදයක් සැකසිය යුතු වේ. බොහෝ යටිතල පහසුකම්, ආනයන මත පදනම් වන  බැවින් එහි පිරිවැය විනිමය අනුපාතිකයට සාපේක්ෂව වෙනස් කිරීමේ හැකියාව පැවතිය යුතු අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කාලසීමාව තුළ මූල්‍යමය ශක්‍යතාවය  පවත්වා ගත හැකි ලෙස  සකස් කළ යුතුය.  ඉන් පසු, ප්‍රගතියට බාධා කරන නීතිමය නියාමන සහ ආයතනික බාධක ඉවත් කර පරිසරානුකුල තක්සේරු හා අනුගත වන ලෙස ඉහත නිර්දේශයන්ක්‍රියාත්මක කළ යුතු වේ.

     

    මෙම නිර්දේශයන් සකස් කරන ලද්දේ  කරන ලද්දේ ලංකා වාණිජ මණ්ඩලයෙහිබලශක්ති අංශ කමිටුව විසිනි. 2019 දී ප්‍රකාශයට පත් කරන ලද විස්තීරණ වාර්තාවක් (සබැඳිය බලන්න) මඟින් කමිටුව විසින්  දැනටමත් බලශක්ති ක්ෂේත්‍රය, විශේෂයෙන් විදුලිබල ක්ෂේත්‍රය පුළුල් ලෙස අධ්‍යයනය කර ඇත. මෙකී වාර්තාව මත පදනම්ව, බලශක්ති ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා කමිටුව විසින් ඉහත සාරාංශගත යෝජනා සකස් කරන ලදී.