ලංකා හෝස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයේ දැවැන්ත වෙනස්කම් රැසක්

    April, 1, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශාල වෙනස්කම් රැසක් වාර්තා වී තිබේ.

    මේ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වූ වෛද්‍ය සරත් පරණවිතාන, පූජ්‍ය තීනියාවල පාලිත හිමි, නන්දන ජයන්ත මුණසිංහ, අසේන්ද්‍ර චමින්ද සිරිවර්ධන, කීර්ති කොටගම, සාඩි වඩූඩ් හා වෛද්‍ය අනිල් අබේවික්‍රම යන අය 2019 මාර්තු මාසයේ අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.

    මේ අතර රෝහලේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙසින් සිද්දි ෆාරුක් (සභාපති), වෛද්‍ය අනුර විජේවර්ධන, ජයන්ති ගුණවර්ධන, උපුලාංගනී මාලගමුව, රාජු ඒ. චන්දිරම් හා අජිත් උදය අමරසේකර යන අය 2019 මාර්තු 29 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.

    ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි සමාගම් ලේකම්වරයා විසින් මේ බව අද (01) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.