• Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • sri lanka

ලංකා IOC නව ව්‍යාපාරයක් අරඹයි

September, 19, 2022

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී, සිය නවතම ව්‍යාපාරය වන ත්‍රිකුණාමලයේ පිහිටි ග්‍රීස් නිෂ්පාදනාගාරයේ (Grease Plant) මෙහෙයුම් කටයතු පසුගිය සතියේ දී ආරම්භ කර ඇත.

මේ සමඟම සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයේ දැනට පවතින ලිහිසිතෙල් මිශ්‍රණාගාරයේ (Lube Blending) කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

ග්‍රීස් නිෂ්පාදනාගාරය වෙනුවෙන් පසුගිය 2020 පෙබරවාරි මාසයේ දී සමාගම විසින් රු. මිලියන 320 ක් ආයෝජනය කරන ලදී.