ලංකා IOC ලාභ බෙදන හැටි කියයි. රු. මිලියන 900ක් ඉන්දියාවේ මව් සමාගමට

    July, 5, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC සමාගම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශයට පත්කිරීම අද (05) දින නිවේදනය කරන ලදී.

    ඒ අනුව කොටසකට රු. 2.25 බැගින් වන පරිදි පළමු හා අවසාන ලාභාංශය අද දින ප්‍රකාශයට පත් කළ අතර ඒය 2022 අගෝස්තු 26 දින ගෙවීමට නියමිතය.

    ලංකා IOC සමාගම 2022 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 3.37 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබුුුණි.

    එසේම 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 4.81 කි.

    ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය. ඒ අනුව ප්‍රකාශිත ලාභාංශයෙන් රු. මිලියන 900 ක් හිමිවන්නේ ඉන්දියාවේ Indian Oil Corporation Limited සමාගමටයි.

    2022 මාර්තු 31 දිනට ලංකා IOC සමාගමේ විශාලතම කොටස්කරුවන් 20 දෙනා පහතින් දැක්වේ. ඊට පහළින් ඇත්තේ අද දින ලංකා IOC සමාගම විසින් නිකුත් කරන ලද ලාභාංශ නිවේදනයයි.