ලංකා IOC සමාගමට තවත් පිරවුම්හල් 50 ක්

    August, 8, 2022

    මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන  ලංකා IOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය  ලැබී තිබේ.

    ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (08) දින දැනුම් දී තිබේ.