May, 8, 2019
මහජනතාව වෙත වඩාත් ගුණාත්මක, සුව පහසු හා ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පසුපස උස් ඇන්ද සහිත ආසන 50කින් යුත් බස් රථ 272 ක් සහ ආසන 33කින් යුත් සුඛෝපභෝගී බස් රථ 53 ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි වසර පහකින් ගෙවිය යුතු කල්බදු පදනම යටතේ පිළිවෙලින් රුපියල් මිලියන 3,264ක හා රුපියල් මිලියන 444ක මුදලකට සීමාසහිත ලංකා අශෝක් ලේලන්ඩ් පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story