ලක්ෂ 3ට වඩා පඩි ගන්නේ ලංකාවෙන්ම එකොලොස්දාහයි – ඇමතිගෙන් අනාවරණයක්

    February, 9, 2023

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වන විට මෙරට පනවා ඇති උපයන විට ගෙවීමේ බද්දට යටත් වන්නේ මෙරට ශ්‍රම බලකායට අයත් 4,645,572 ක් වූ ශ්‍රමිකයන් පිරිසෙන් ශ්‍රමිකයන් 120,925 ක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (09) අද දෙරණ

    එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට මෙරට 300,000 ඉක්මවූ වැටුපක් ලබා ගන්නා ශ්‍රමිකයින් සිටිනුයේ 11,142 ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවයි.

    “අපේ රටේ ශ්‍රම බලකාය ඊයේ වෙනකොට මම ගත්තා, 4,645,572 ක්. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය , රාජ්‍ය. මේකෙන් රුපියල් 30,000ට අඩු වැටුප් ගන්න අය ඉන්නවා 2,231,000 ක්. ඒ කියන්නේ 48%ක්ම රුපියල් 30,000 ට අඩුවෙන් තමයි ගන්නේ. දැන් මේ කියන බදු සීමාවන්ට ලක්ෂයට වැඩි සීමාවට යටත් වෙන්නේ. 100,000 - 150,000 අතර ඉන්නවා 62,107 ක්, 1.3% යි. 28,227 ක් 150,000 - 200,000 අතර 0.6% යි. 19,449 ක් 200,000 - 250,000 යි අතර 0.4% යි. 300,000 ට වැඩි අය ඉන්නවා 11,142 ක් ඒ කියන්නේ 0.2% යි.“

    ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ලංකාවේ 300,000 ට වැඩි පඩි ගන්න අය ඉන්නේ 11,000 යි කියන එකද?

    “11,142 යි. මේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව. යම් යම් වෙනස්කම් තියෙන්න පුලුවන්. එතකොට මේ 4,645,572න් සංඛයාලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට 120,925 ක් තමයි ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නේ. ඔවුන්ට තමයි මේ PAYE TAX එක හෙවත් උපයන විට ‌ගෙවීම් බද්දට යටත් වෙන්නේ. සාමාන්‍යයෙන් බැලුවොත් මුළු ශ්‍රම බලකායෙන් 2.6% කට තමයි මේ PAYE TAX එක වදින්නේ.“